This forum is not active. Visit the new forum: https://forum.trekmentor.net/

මෙම සාකච්ඡා මණ්ඩපය සක්‍රීය නැත. නව සාකච්ඡා මණ්ඩපයට පිවිසෙන්න: https://forum.trekmentor.net/

Search found 10 matches

by Kamal
Mon Apr 30, 2018 6:09 pm
Forum: General (පොදු)
Topic: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?
Replies: 8
Views: 30728

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

පින්වත් ලලන්ත, අඹ ඵලයක් දෙස බැලීමත්, අඹ ඵලයක රූපයක් දෙස බැලීමත් යන බැලීම් දෙක සැලකුවහොත් එම බැලීම් දෙකේදීම ඇස ක්‍රියා කරන්නේ එකම ආකාරයකට. පළමු අවස්ථාවේදී අඹ ඵලය ඇසට පෙනෙන රූපය වෙනවා. දෙවන අවස්ථාවේදී අඹ ඵලයක් ඇති රූපය ඇසට පෙනෙන රූපය වෙනවා. එම අවස්ථා දෙකේදීම ස්පර්ශය හටගන්නවා. නිවැරදිව හඳුනාගන්නා ලද නම...
by Kamal
Sun Apr 22, 2018 4:22 pm
Forum: General (පොදු)
Topic: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?
Replies: 8
Views: 30728

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

පින්වත් ලලන්ත, රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීම හෝ නොගැනීම මත වර්තමාන ස්පර්ශය ඇතිවීම වලක්වාලිය හැකි යැයි හෝ නොහැකි යැයි කීම නිවැරදි නැහැ. රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගත්තත් නොගත්තත් වර්තමාන ස්පර්ශය හටගන්නවා. වර්තමාන ස්පර්ශය මෙන්ම වර්තමාන වෙදනාව ද එබඳුමයි. රූපය තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීම එළැඹි රූපයේ ...
by Kamal
Sat Apr 14, 2018 5:14 pm
Forum: General (පොදු)
Topic: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?
Replies: 8
Views: 30728

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

පින්වත් ලලන්ත, රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර සහ විඤ්ඤාණ යනු උපාදානයන්ට අරමුණු වන ධර්මයන්. ඒ බව ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ ඛන්ධවග්ගයේ ඛන්ධසංයුත්තයේ ධම්‌මකථිකවග්ගයේ උපාදානිය සූත්‍රයේ සඳහන්ව තිබෙනවා. අතීත, අනාගත, වර්තමාන යන තුන් කාලයටම අයත් රූප, වෙදනා, සඤ්ඤා, සඞ්ඛාර සහ විඤ්ඤාණ උපාදානයන්ට අරුම...
by Kamal
Mon Apr 09, 2018 5:24 pm
Forum: General (පොදු)
Topic: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?
Replies: 8
Views: 30728

Re: පෙරටු වන්නේ ස්පර්ශයද, නැතහොත් වේදනාවද?

පින්වත් ලලන්ත, පටිච්චසමුප්පාද වශයෙන් ඵස්සපච්චයා වෙදනා යැයි කියනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වෙදනාව වේ යැයි කීවාට මේ දෙකෙන් එකක් මුලින් හට ගනී, අනෙක ඉන් පසුව හට ගනී යැයි ධර්මයේ සඳහන්ව ඇති බවක් මම දැක නැහැ. වෙදනාවෙන් වෙන්ව ස්පර්ශයක් හෝ ස්පර්ශයෙන් වෙන්ව වෙදනාවක් කෙසේ පනවන්න දැයි හිතීම මට නම් ගැටලු සහගතයි. ත...
by Kamal
Tue Mar 20, 2018 11:09 am
Forum: General (පොදු)
Topic: ත්‍රිපිටක ධර්මයම දේශනා කරන වර්ථමාන දේශකයාණන් වහන්සේලා කවුරුන්ද?
Replies: 10
Views: 21788

Re: ත්‍රිපිටක ධර්මයම දේශනා කරන වර්ථමාන දේශකයාණන් වහන්සේලා කවුරුන්ද?

නිවනට හේතුවේ යැයි යම් මාර්ගයක් දේශනාකරණ කිසියම් දේශකයෙකු, එම මාර්ගය තමන් විසින්ද අනුගමනය කරන්නේද ඒ අනුව පිලිපදින්නේද යැයි ඔහුගේ හැසිරීම තුලින්ම පිලිඹිබුවන්නේ දැයි පරික්ෂා කිරීමෙන්, ඔහු ගැන තක්සේරුවක් කලහැකි යැයි සිතමි. පින්වත් ධර්ම ශ්‍රී, අන් අයව නිවැරදි මාර්ගයකට යොමු කරවන එහෙත් තමන් එම මාර්ගයේ නොහ...
by Kamal
Mon Mar 19, 2018 8:21 pm
Forum: General (පොදු)
Topic: ත්‍රිපිටක ධර්මයම දේශනා කරන වර්ථමාන දේශකයාණන් වහන්සේලා කවුරුන්ද?
Replies: 10
Views: 21788

Re: ත්‍රිපිටක ධර්මයම දේශනා කරන වර්ථමාන දේශකයාණන් වහන්සේලා කවුරුන්ද?

පින්වත් නයන,

ඉතින් සූක්ෂම වූ බුදු දහම වරදවා නොගත් දේශකයාණන් වහන්සේලාව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සොයා ගැනීමට ඔබට උවමනා නම් ඔබ සොයා ගන්නා යම් ක්‍රමවේදයක් නිවැරදි ක්‍රමවේදයක් වේ යැයි ඔබ තීරණය කරන්නේ කෙසේද?

කමල්
by Kamal
Mon Mar 19, 2018 11:54 am
Forum: Abhidhamma (අභිධර්ම)
Topic: සඞ්ඛාර යන පදය යෙදෙන ආකාර පිළිබඳ කඩුවෙල අතුලඤාණ හිමිගේ විස්තර කිරීම
Replies: 0
Views: 26436

සඞ්ඛාර යන පදය යෙදෙන ආකාර පිළිබඳ කඩුවෙල අතුලඤාණ හිමිගේ විස්තර කිරීම

පටිච්චසමුප්පාද විස්තරයේ එන "අවිජ්ජා පච්චයා සඞ්ඛාරා" යන්නෙහි දැක්වෙන සඞ්ඛාරා යන්නට කායසඞ්ඛාර, වචීසඞ්ඛාර සහ චිත්තසඞ්ඛාර ඇතුළත් නමුත් එසේ විස්තර කිරීමේදී එම පද චූළවෙදල්ල සූත්‍රයේ සඳහන් අස්සාසපස්සාස, විතක්කවිචාර සහ සඤ්ඤා වෙදනා යන අර්ථවලින් නොයෙදෙන බව කඩුවෙල අතුලඤාණ හිමි විස්තර කරන අයුරු සඳහන් දේශනාවක් ම...
by Kamal
Sat Mar 17, 2018 11:50 pm
Forum: General (පොදු)
Topic: ත්‍රිපිටක ධර්මයම දේශනා කරන වර්ථමාන දේශකයාණන් වහන්සේලා කවුරුන්ද?
Replies: 10
Views: 21788

Re: ත්‍රිපිටක ධර්මයම දේශනා කරන වර්ථමාන දේශකයාණන් වහන්සේලා කවුරුන්ද?

පින්වත් නයන, යම් දේශකයාණන් වහන්සේ කෙනෙකුන් ත්‍රිපිටක ධර්මය තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ පරිදිම අර්ථ ගන්වයි නම් සහ සූක්ෂම දහම් කරුණු මනාව විස්තර කරයි නම් එම දේශකයාණන් වහන්සේ එබඳු වහන්සේ කෙනෙකුන් යැයි සැක හැර දැන ගන්නා අන් අයෙකු වෙතොත් ඒ අන් තැනැත්තා ද ත්‍රිපිටක ධර්මය සහ එම ධර්මය අර්ථ ගැන්වෙන ආකාරය...
by Kamal
Sat Mar 17, 2018 6:13 am
Forum: General (පොදු)
Topic: ගෞතම බුදුසසුන බැබළේවා!
Replies: 3
Views: 10903

Re: ගෞතම බුදුසසුන බැබළේවා!

nayana wrote: Sat Mar 17, 2018 5:58 am තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මයම දේශනා කරන පරිශීලනයට ගැනීමට සුදුසු යැයි ඔබට හැගෙන වර්ථමාන දේශකයාණන් වහන්සේලා කවුරුන්ද?
පින්වත් නයන,

මෙම පැණය වෙනමම මාතෘකාවක් යටතේ පළ කිරීම වඩාත් උචිත යැයි හැඟේ. "පොදු සාකච්ඡා" යටතේ "New Topic" බොත්තම භාවිතා කර ඊට යොමුවන්න.

කමල්
by Kamal
Fri Mar 16, 2018 1:00 pm
Forum: General (පොදු)
Topic: ගෞතම බුදුසසුන බැබළේවා!
Replies: 3
Views: 10903

ගෞතම බුදුසසුන බැබළේවා!

"තථාගතප්පවෙදිතො ධම්මවිනයො භික්ඛවෙ විවටො විරොචති නො පටිච්ඡන්නො."

"මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො ම බබලයි."

- ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ තිකනිපාතයේ තතියපණ්ණාසකයේ භරණ්ඩුවග්ගයේ නව වන සූත්‍රය

ගෞතම බුදුසසුන බැබළේවා!