This forum is not active. Visit the new forum: https://forum.trekmentor.net/

මෙම සාකච්ඡා මණ්ඩපය සක්‍රීය නැත. නව සාකච්ඡා මණ්ඩපයට පිවිසෙන්න: https://forum.trekmentor.net/

මහා චත්තාරීසක සූත්‍රය

Sutta discussions. (සූත්‍ර සාකච්ඡා.)
Post Reply
nayana
Posts: 11
Joined: Sat Mar 17, 2018 5:14 am
Name: Nayana Susantha Yapa

මහා චත්තාරීසක සූත්‍රය

Post by nayana »

පින්වත් කමල්,

“ධම්ම චක්කපවත්තන සූත්‍රය සහ මහා චත්තාරීසක සූත්‍රය අතර ඇති සම්බන්දය - II “http://www.trekmentor.com/si/content/forum/650
මාතෘකාව යටතෙහි ම විසින් සිදු කර ඇති පහත ප්‍රකාශය වැරදි සහගත බවත් එයට ඉහත ප්‍රකාශයම සත්‍යය බවත්("භවත්" යනු "භාග්‍යවතුන් වහණ්සේගේ" යන අර්තය බවත් "ඔබ" යන අර්තය නොවන බවත්) මාගේ වර්ථමාන මතය වෙයි.

" "ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම්‍" යන්නෙහි "භවත්" යනු "භාග්‍යවතුන් වහණ්සේගේ" යන අර්තය නොව "ඔබ" යන අර්තය ඇති බවත් පාලි භාෂාව දන්නා විද්වතුගේ අර්ථ දැක්වීමද වෙයි.
එලෙස ගැනීමේ දී ඔබගේ අර්ථ දැක්වීම නිවැරදි බවත්, මාගේ අර්ථ දැක්වීම වැරිදි බවත් සඳහන් කරනු කැමැත්තෙමි. "

සටහන‍ :
ගැඔුරු අධ්‍යනයකින් තොරව විවිධ මත වාදයන් පිළිගනු එල්බගෙන සිටිනු ලැබ තිබුන උක්කල දනව් වැසියන් හට තම මතයනට පටහැනි මතයන්ට අධ්‍යනයකින් තොරව විවේචන සිදු කිරීමට අවකාශ ලබා නොදීම තුලින් ඔවුන්ව අධ්‍යනයට පොළබවා ගැනීම තුලින් නිවැරදි දර්ශනයට පත් කිරීම මෙහි අර්තය විය හැකිය.

උපුටා ගැනීම :

මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍මපර්යාය ගැරහිය යුතු යැ, බැහැර කළ යුතු යයි සිතන්නේ නම්, දිටුදැමියෙහි මැ (පරා විසින් කී කරුණෙන්) සකාරණ ව ඔහුගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට පැමිණෙත්. ඉදින් භවත් සම්‍යග්දෘෂ්ටිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති. ඉදින් භවත් සම්‍යක්සඞ්කල්ප ගරහා නම්, මිථ්‍යාසඞ්කල්ප ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්වචන ගරහා නම්, මිථ්‍යාවචන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්කර්මාන්ත ගරහා නම්, මිථ්‍යාකර්මාන්ත ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යගාජීව ගරහා නම් මිථ්‍යාජීව ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ව්‍යායාම ගරහා නම්, මිථ්‍යාව්‍යායාම ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්ස්මෘති ගරහා නම්, මිථ්‍යාස්මෘති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්සමාධි ගරහා නම්, මිථ්‍යාසමාධි ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ඥානය ගරහා නම්, මිථ්‍යාඥාන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්විමුක්ති ගරහා නම්, මිථ්‍යාවිමුක්ති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්.
මහණෙනි, යම කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍ම ක්‍රමය ගැරහියැ යුතු කොට, පිළිකෙව් කළ යුතු කොට හඟනේ නම්, මෙලොව්හි මැ ඔහුගේ මේ දස වාදානුවාදයෝ සකාරණ ව ගැරහිය යුතු තැනට එත්.

මහණෙනි, උක්කල දනව්වැසි අහෙතුකවාද, අක්‍රියවාද, නාස්තිකවාද ඇති වස්සභඤ්ඤ නම් වාදී කෙනෙක් වුහු ද, ඔහුදු මහාචත්තාරීසක ධර්‍මපරියාය නොගැරහියැ යුතු සේ පිළිකෙව් නො කළයුතු සේ සිතුහු. ඒ කවර හෙයින යත්? තමහට නින්දාභය හා ගැටුම් බිය හා පරිභාෂණ බියෙනැ’ යි වදාළහ.

තෙරුවණ් සරණයි.
නයන
Post Reply