This forum is not active. Visit the new forum: https://forum.trekmentor.net/

මෙම සාකච්ඡා මණ්ඩපය සක්‍රීය නැත. නව සාකච්ඡා මණ්ඩපයට පිවිසෙන්න: https://forum.trekmentor.net/

පෙනෙන දේ තියෙයි නම්.

General discussions. (පොදු සාකච්ඡා.)
Post Reply
lalantha
Posts: 10
Joined: Sat Mar 17, 2018 11:28 am
Name: Lalantha

පෙනෙන දේ තියෙයි නම්.

Post by lalantha »

චිත්‍තක්ශනයක් යනු ඉතා කුඩා කාලයකි.
ඇසිපිය ගසන කාලයක චිත්තක්ශන ඉතා විශාල ප්‍රමානයක් අඩංගු වී ඇත.
කෝටියක් පමන විය හැක.
තත්පරයකට ඇසිපිය පහක් පමන වේ නම් විනාඩියකට ඇසිපිය තුන්සියයයි.
ඒ අනුව විනාඩියක් යනු චිත්තක්ශන කෝටිතුන්සියයයි.
විනාඩි පහක් චිත්තක්ශන කෝටි එක්දහස්පන්සීයයි
එක් චිත්තක්ශනයකදී ඇති වන්නේ එක සිතයි.
මෙහිදී ඇතිවන්නේ එක ආයතනයක හටගැනීමක් විතරයි. එක්කො පෙනෙයි නැත්නම් ඇහෙයි නැත්නම් දැනෙයි.
ඇසිපිය ගසන කාලයක් ඇති අපිට ලෝකයක් මැවෙන්න. විචිත්‍ර විවිධ විසිතුරු බොහෝ දේ ඇසෙන පෙනෙන දැනෙන ලෝකයක්.
මෙහෙම වෙන්නේ අර ඉතා කෙටි කාලයක් තුල ඇසෙන සිත් පෙනෙන සිත් දැනෙන සිත් එකකට පසු එකක් වසයෙන් වැල නොකැඩී අපට ඇතිවෙන නිසා වෙන්න බැරිද?
මෙසේ යම් විදිහකින් අපට කෝටි එක් දහස් පන්සියයක් සිත් එක දිගටම ඇසෙන සිත් පමනක්ම වුනොත් මේ ඇස් ගෙඩි දෙක තිබුනත් අපට මේ ලස්සන ලෝකය පෙනෙයිද?
Post Reply